AFC Banner
Empty Ad
Empty Ad

නිරිත දිග මෝසම තව දුරටත් – අදත් රට පුරා වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු නව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

ඒ අනුව අද (26) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60කපමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?