හොර අටපිරිකර ජාවාරමක් කතරගමින් වටලයි

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය කාලය පුරා වෙහෙර විහාරස්ථානවලින් සහ එම ප්‍රදේශයේ වෙළඳසැල්වලින් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී අත්අඩංගුවට ගැනුණු අටපිරිකර බෙදාහැරීමේ නිරත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සමඟ නියමිත ප්‍රමිතියෙන් තොරව සකසන ලද අටපිරිකර තොගයක් ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් භාරයට ගැනුණා.

බැතිමතෙක් විසින් කතරගම පුදබිමේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේ දී එම අටපිරිකර ව්‍යාජ ඒවා බවටයි හඳුනා ගැනුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කලක සිට කතරගම හා ඒ අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බෙදාහැර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මෙහි දී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී උන්වහන්සේලා ද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08