රිෂාබ් පාන්ට්ට ලක්ෂ 30ක දඩයක් සමඟ තරග තහනමක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට එක් තරගයක තහනමක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (11) නිකුත් කර ඇති නිවේදනයට අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සමඟ පසුගිය 07 වනදා පැවති තරගයේ දී චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දඬුවම් පැනවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තරගයේ දී දිල්ලි කණ්ඩායම මන්දගාමී ඕවර් රේට් එකක් පවත්වාගෙන යාමෙන් අයිපීඑල් චර්යාධර්ම සංග්‍රහය කඩ වී ඇති බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව එම තරගයට ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට ද දඩ නියම කිරීමට කටයුතු කර තිබෙනවා.

රිෂාබ් පාන්ට්ට පැනවූ මෙම දඬුවමත් සමඟ හෙට (12) දිනයේ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සමඟ පවැත්වෙන තරගය ඔහුට අහිමිව යනවා.

අයි.පී.එල්. හි සෑම කණ්ඩායමකටම ඔවුන්ගේ ඉනිමේ පන්දුවාර 20 සම්පූර්ණ කිරීමට මිනිත්තු 85ක් (ඕවරයකට මිනිත්තු 4.25ක්) ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් සමඟ පැවති තරගයේ දී දිල්ලි කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 20 සම්පූර්ණ කිරීමට මිනිත්තු 117.82ක් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?