රිෂාබ් පාන්ට්ට ලක්ෂ 30ක දඩයක් සමඟ තරග තහනමක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට එක් තරගයක තහනමක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (11) නිකුත් කර ඇති නිවේදනයට අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සමඟ පසුගිය 07 වනදා පැවති තරගයේ දී චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දඬුවම් පැනවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තරගයේ දී දිල්ලි කණ්ඩායම මන්දගාමී ඕවර් රේට් එකක් පවත්වාගෙන යාමෙන් අයිපීඑල් චර්යාධර්ම සංග්‍රහය කඩ වී ඇති බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව එම තරගයට ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට ද දඩ නියම කිරීමට කටයුතු කර තිබෙනවා.

රිෂාබ් පාන්ට්ට පැනවූ මෙම දඬුවමත් සමඟ හෙට (12) දිනයේ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සමඟ පවැත්වෙන තරගය ඔහුට අහිමිව යනවා.

අයි.පී.එල්. හි සෑම කණ්ඩායමකටම ඔවුන්ගේ ඉනිමේ පන්දුවාර 20 සම්පූර්ණ කිරීමට මිනිත්තු 85ක් (ඕවරයකට මිනිත්තු 4.25ක්) ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් සමඟ පැවති තරගයේ දී දිල්ලි කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 20 සම්පූර්ණ කිරීමට මිනිත්තු 117.82ක් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03