නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල ඉන්දියාවට පැවරීමට එරෙහි පෙත්සම අගෝස්තු 05 කැඳවීමට තීරණයක්

පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු ආයෝජකයෙකු වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණ විනිසුරු එස්. යූ. බී.කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඊට අදාළ ලේඛන නිසියාකාරව අංක ගතකර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරු විසින් පාර්ශ්වකරුවන්ට පෙන්වා දුන්නා.

ඒ, අනුව අදාළ ලේඛන විධිමත් ආකාරයෙන් අංක ගත කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාර්ෂවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන විසින්.

පෙත්සම්කරු කියා සිටියේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2007 වසරේ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් ගොඩනැගිල්ලක් බවත්, එම ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය ආයෝජකයෙකු වෙත පැවරීමට රජය සූදානම් වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27