කෙහෙළියට අදත් ඇප නැතිවෙයි – 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබෙනවා.

ඒ, එම නඩුව අද (06) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දියි.

මේ අතර මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන අද දින ඇප මත මුදාහැරුණා.