කරඳගොල්ලේ නායයෑම් අවදානම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශයේ පසුගිය 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්‍ෂණ තත්ත්වය පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් කඩිනම් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා තිබෙනවා.

අදාළ ස්ථානය පරීක්‍ෂා කර මෙම වාර්තා ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එම උපදෙස් අනුව, විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින භූමි අස්ථාවරත්වය අධ්‍යයනය කිරීමේ සහ ඇති විය හැකි අවදානම් සහ හානි අවමකර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් නුදුරේ දී ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි හානි වළක්වා ගැනීමට සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21