ජයිස්වාල් සහ චාහල් වාර්තා අතර එක් වූ තරගයේ ජය රාජස්ථානයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (22) රාත්‍රියේ පැවැත් වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කරමින් කඩුලු 09ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් නොදැවී රැස්කළ විශිෂ්ට ශතකය සහ සන්දීප් ෂර්මාගේ සුපිරි පන්දු යැවීම රාජස්ථාන් ජයග්‍රහණයේ ප්‍රධානතම සාධක බවට පත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් බලකොටුව වූ ජායිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට සාධාරණයක් ඉටු කරන්නට මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක්ට අවස්ථාව නොලැබී ගියේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාම හේතුවෙන්.

අනතුරුව මුම්බායි ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නඟන්නට තිලක් වර්මා සහ නේහාල් වධෙරා සමත් වුණා.

එහිදී තිලක් වර්මා පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 65ක් රැස්කළ අතර නේහාල් වධෙරා පන්දු 24ක දී ලකුණු 49ක් රැස්කළා.

ඒ, අනුව මුම්බායි ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 තුළ කියවී තිබුණේ කඩුලු 09ක් දැවී ලකුණු 179ක් ලෙසටයි.

මෙම තරගයේ දී මුම්බායි ඉනිමේ එක් කඩුල්ලක් දවාගත් රාජස්ථාන් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් අයි.පී.එල් ඉතිහාසයේ කඩුලු 200 පසුකළ පළමු පන්දු යවන්නා බවට පත් වුණා.

මුම්බායි පිත්කරුවන්ට හිසරදයක් වූ සන්දීප් ෂර්මා සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 18ට කඩුලු 05ක් දවාගනිමින්.

අනතුරුව ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට රාජස්ථාන් ආරම්භක පිත්කරුවන් යුගළය පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් රාජස්ථාන් ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

එහිදී ජොස් බට්ලර් 35ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 104ක් රැස්කරමින් රාජස්ථාන් පිළිතුරු ඉනිමේ තරුව බවට පත් වුණා.

මේ අතර යෂස්වි ජයිස්වාල් වාර්තා අතරට එක වුණේ අයි.පී.එල්. තරග ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ශතක දෙකක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත් වෙමින්.

මෙම තරගය අවසන් කරන්නට අනෙක් අන්තයේ සිට ජයිස්වාල්ට සහායක් වූ රාජස්ථාන් නායක සංජු සැම්සන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 38ක්.

රාජස්ථාන් ඉනිමේ දවාගත් එකම කඩුල්ල වූ ජොස් බට්ලර්ගේ කඩුල්ල දවාගන්නට පියුෂ් චාව්ලාට හැකියාව ලැබුණා.

මේ අතර මෙම තරගයේ දී අයි.පිල්.එල් වරම් හිමිකරගන්නට වේග පන්දු යවන ක්‍රීඩක තුෂාරට අවස්ථාව උදා වූ අතර, ඔහු ඊයේ තරගයේ දී පන්දුවාර 03ක් යවමින් ප්‍රතිවාදී රාජස්ථාන් පිළට ලකුණු 28ක් ලබා දුන්නා.

මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ලකුණු ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 18යි පන්දු 04ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යමින් රාජස්ථාන් ක්‍රීඩකයින් තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55