මව් තුරුලේ සිටි දරුවාට ජීවිතය අහිමි කළ මාරක අනතුර (ඡායාරූප)

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය IOC ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී තිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව සහ පියා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, මව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් වන අතර, අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකාර රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?