ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ජයක් ලබයි

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වුණු තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවද දෙවැනි තරගය ජයගනිමින් තරගාවලියට අවතීර්ණ වුණා.

අනතුරුව ඊයේ (03) දින නැගෙනහිර ලන්ඩනයේ බෆලෝ පාර්ක් පිටියේදී පැවැති තීරණාත්මක තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 04කින් ජයගනිමින්, තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය 2-1ක් ලෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ ඓතිහාසික ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තුන්වැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ට ලකුණු 155 ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරගය ජයගනු ලැබුවා.

එහිදී චමරි අතපත්තු පන්දු 46කදී ලකුණු 73ක් ලබාගත්තේ හතරේ පහර 07ක් සහ හයේ පහර 05ක් එල්ලකරමින් වන අතර හර්ෂිතා සමරවික්‍රම පන්දු 43කදි ලකුණු 54ක් ලබාගත්තා.

චමරි සහ හර්ෂිතා දෙවන කඩුල්ලට ලකුණු 97ක සම්බන්ධතාවක් පැවත්වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පහසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38