වැඩිම මත්පැන් පානය කිරීමේ තරගය දිනූ තිදරු පියා නිදි පැදුරේම ජීවිතක්ෂයට

වැඩිම මත්පැන් පානය කිරීමේ පුද්ගලයා තේරීම සඳහා පැවැත් වූ තරගයක් අතරතුර දී අධික මත්පැන් ප්රාමාණයක් පානය කළ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන්, ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි සිටි 39 හැවිරිදි තිදරු පියෙක්.

පසුගිය 27 වනදා රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගී වූ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා තිබෙනවා.

එම තරගය සඳහා මෙම පුද්ගලයා සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සහභාගී වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, සඳහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දී ඇති අතර, එහි දී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තෝරාගන්නා බවයි පවසා ඇත්තේ.

තරගය සඳහා සභාගී වූ මෙම පුද්ගලයා තරගට පෙර සිටම මත්පැන් පානය කර සිට ඇති අතර, තරගයට ඉදිරිපත් වී එය ජයග්‍රහණය කිරීමට ද මොහුට හැකි වී තිබෙනවා.

අනතුරුව නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා රාත්‍රී ආහාරය ද නොගෙනම නිද්දට ගොස් ඇති අතර ඉට පසු දින (28) අලුයම බලනවිට ඔහු නින්දේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දැනගන්නට ලැබී ඇත්තේ.

මෙම තරගය සඳහා ඉදිරිපත් වූ තවත් පුද්ගලයෙක් ද අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව වශයෙන් සටහන් කර ඇත්තේ නිව්මේනියාරෝගය වැළඳී සිටිම සහ ගලනාලයේ ආහාර සිරවීම මරණයට හේතුව වි ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04