“Worky”- App එකෙන් Job දෙන අලුත්ම සගයා එළිදකියි

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක් 2024 මාර්තු මස 20 වැනිදා –

අපේ ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට නවීන අත්දැකීමක් එකතු කරමින් මෙන්ම නව ප්‍රබෝධයක් ලබා දෙමින්, විශේෂයෙන්ම එහි දේශීය රැකියා වෙළෙඳපොළ තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇති මෙවන් කාල සීමාවක එම අභියෝගාත්මක ආර්ථික කාලපරිච්ඡේදය ජය ගැනීමට නව මානයක් පෙන්වමින්, ‘Worky’ නමින් පෙරළිකාර ජංගම වෙබ් (අන්තර්ජාල) වේදිකාවක් 2024 මාර්තු 20 දින සිය දියත් වුණා.

මෙම නව ජංගම යෙදවුම හරහා සේවා පහසුකම් සපයා ගන්න්නට සොයන්නන්, රැකියා අවස්ථා සොයන්නන්, කුලී පදනම මත සේවා සපයන්නන්, අර්ධ කාලීන සේවා සැපයුම්කරුවන් මෙන්ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් දැනුම සම්පාදනය කරන්නන් දක්වා කොයි කාටත් ඉතාමත් පහසුවෙන් විශ්වසනීයව අවශ්‍යතා සපුරා ගත හැකි ලෙසින් නිර්මාණය වූ මෙම ‘Worky’ ජංගම යෙදවුම හරහා ඔබ ආසන්නයෙන්ම ඔබේ අවශ්‍යතාව සපුරාලිය හැකි සේවා සම්පාදකයාව සොයා දෙනු ඇත.

මෙම ‘Worky’ ජංගම යෙදවුමේ ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ලැබෙන ප්‍රතිලාභයන් ඉතා විශාලයි.

‘Worky’ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට රැකියා සොයා ගන්නට ඇති වර්තමාන ඉඩකඩ හා ප්‍රවණතා වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විසඳුමක් සමගින් විප්ලවීය වෙනසක් කිරීමට සූදානමින් සිටී.

පුළුල් පරාසයක සේවා හරහා ක්ෂණික විසඳුම් සඳහා ‘Worky’ ජංගම යෙදවුම පහසුකම් සපයයි.

ජලනල කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් වැනි සාම්ප්‍රදායික භූමිකාවන්හි සිට සුරතල් සුනඛයින් ඇවිද්දවීම, සත්ත්ව අලංකරණ කටයුතු කිරීම , සුරතල් සතුන් රැකබලා ගැනීම වැනි නව යුගයේ රැකියා කාර්යයන් දක්වා ‘Worky’ ශ්‍රී ලාංකේය ගෘහයන්හි විවිධ අවශ්‍යතාවලට සෘජුවම ආමන්ත්‍රණය කරමින් විවිධ රැකියා අවස්ථා රැසක් සපයයි.

සිය වෘත්තිමය හැකියාවන් හරහා තම ආදායම් මාර්ගය ශක්තිමත් කර ගන්නටත් පළපුරුද්ද , හැකියාව මත සපයන සේවාව ජාත්‍යන්තර තලයේ වෘත්තීයමය භාවයකින් සපයන්නටත් ශ්‍රී ලංකාවේ නානා විධ රැකියා ක්ෂේත්‍රයන් හී මෙන්ම සේවාවන් හී විශිෂ්ටත්වය උසස් අන්දමින් පාරිභෝගික ජනතාවට සමීප කරවන්නටත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ තම ජීවිතය පවත්වා ගැනීමට වෙර දරන කාටත් ‘Worky’ බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දෙයි.

අර්ධකාලීන රැකියා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමෙන්, මෙම තක්ෂණික වේදිකාව රැකියා අවස්ථා සොයා ගැනීමට පමණක් නොව රට පුරා ඵලදායිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇත.

මෙරට ජනතාව බොහෝ විට ගෘහස්ථව එදිනෙදා ජල කාර්මික, විදුලි කාර්මික මෙන්ම සෙසු සේවා අවශ්‍යතා සපුරා ගන්නට කෙනෙක් සොයමින් කාලය වැය කරමින්, වෘත්තිමය තත්ත්වයන්ට ළඟා නොවූ ප්‍රමිතිගත නොවු පුද්ගලයින්ට හසුව සිය මුදල් නාස්ති කරගනිමින් මෙන්ම අවදානමක් ද ගනිමින් සිදු කළ, සිදු කෙරෙන සියළුම කටයුතු ‘Worky’ යෙදවුම මගින් වඩාත් නවමු ආරක්ෂිත මෙන්ම ඵලදායි ප්‍රායෝගික තලයකට පත් කර ඇත.

රැකියා හා සේවා ලබාගැනීමේ හා ලබාදීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් ‘Worky’ ජංගම යෙදවුම මෙරට රැකියා වෙළෙඳපොල තුළ නැවුම් පෙරළියක් කරමින් පරිශීලක-හිතකාමී ප්‍රවේශයක් ලබා දෙන ශ්‍රී ලංකාවේ මීළඟ විප්ලවීය රැකියා උත්පාදන මෙවලම ලෙසින් ජනප්‍රිය වනු ඇත.

‘Worky’ ජංගම යෙදවුම තම සියලු සේවාවන් ජනතාවට නොමිලේ පිරිනමනු ලබයි.

රැකියා හා සේවා ලබාදීමේ හා ලබාගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරමින් රැකියා සොයන්නන්ට සහ සේවා අවශ්‍යතා ලබා දෙන්නන්ට කිසිදු මැදිහත්වීමේ පිරිවැයකින් තොරව සේවා යෝජකයන් සමඟ සෘජුවම ගාස්තු පියවා ගත හැකි වෙයි.

‘Worky’ ශ්‍රී ලංකාවේ සියලුම සමාජ මට්ටම්වල ඵලදායිතා සහ සමෘද්ධියට නගා සිටුවන ගෘහ සේවා අවශ්‍යතා සම්පාදනය කරන ජනතාකර්ෂණීය සන්නාමයක් බවට පත් වනු ඇතැයි ‘Worky’ නිර්මාණකරුවන් අපේක්ෂා කරයි.

‘Worky’ ජංගම යෙදවුම දියත් කිරීමෙන් පසු පළමු සති කිහිපය තුළ සාමාජිකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් ‘Worky’ තාක්ෂණික යෙදවුමට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරයි, එය සැබවින්ම මෙවන් යෙදවුමක සාමාජයීය අවශ්‍යතාවය සහ එහි කේන්ද්‍රීය බලපෑම පිළිබඳ අනගි සාක්ෂියක් වෙයි.

අපේක්ෂාභංගත්වයෙන් කඩා වැටුණු මනසින් රැකියා අවස්ථා සොයමින් කාලය නාස්ති කළ කාල පරිච්ඡේදයට දැන් නැවතීමේ තිත තැබීමේ වේලාව එළඹ ඇත.

සේවාවක අවශ්‍යතාව ඇත්තන් විසින් සිය සේවා අවශ්‍යතාවට නිවැරදිම සේවා සපයන්නන් සොයා වෙහෙසී අවසානයේ වැරදිම පුද්ගලයින් තෝරා ගෙන මුදල් නාස්ති කරගත් කාලය, වංචනික ප්‍රෝඩාවන්ට හසුවු කාලය දැන් නිමා කිරීමට අවස්ථාව එලඹ තිබේ.

ශ්‍රී ලාංකේය රැකියා සංස්කෘතියට ‘Worky’ මඟින්, ශ්‍රම සේවා සැපයීමේ හා ලබාගැනීමේ නව යුගයක් උදාකරන අතර, රැකියා සොයන්නන්ට සහ සේවා සොයන්නන්ට ඔවුන්ගේ බලාපොරොත්තුව සියයට සියයක් ම ඉටු කිරීමේ සහතිකය . ‘Worky’ ජංගම යෙදවුම මගින් ලබා දෙයි.

‘Worky’ ජංගම යෙදවුම හි ලියාපදිංචි වීම ඉතා පහසු, ආරක්ෂිත හා සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙමඟින් සමස්ත ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය තුල නව මානයන් සොයන්නන්ට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රම වෙළඳපොළේ දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීමට අසමසම අවස්ථාවක් උදාකර දෙයි.

‘Worky’ ගැන –
‘Worky’ යනු ශ්‍රී ලාංකේය රැකියා සහ සේවා වෙළඳපොළේ පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා නවමු තාක්ෂණය මූලික කොටගත් පුරෝගාමී තාක්ෂණික වේදිකාවකි. එය රැකියා සොයන්නන්ට සහ අර්ධකාලීන සේවකයන්ට සේවා සොයන්නන් සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වීමට, ඵලදායිතාව වර්ධනය කරගත් රැකියා අවස්ථා හඳුන්වා දීමටත් සේවා ලබා ගැනීමටත් හැකියාව ලබා දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට www.worky.lk වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකාවේ අනාගතය පරිවර්තනය කිරීමට අප හා එක්වන්න.
මාධ්‍ය විමසීම් සඳහා කරුණාකර අමතන්න – [email protected]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31