AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පපංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් ඊයේ (25) කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි මස 24 වනදා කැඳවන ලෙසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සංශෝධන ඊට ඇතුළත් කර නොමැති බවයි.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය සහ ඊට අත්සන් තැබීමට කථානායකවරයා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42

?