සීදූවේ කතක් ගෙල කපා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සීදූව පොලිසියට භාරදෙයි

සීදූව ප්‍රදේශයේදී මීට කිහිපයකට පෙර කාන්තාවකගේ ගෙළට බෝතලයක් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බන්ධනාගාර නිළධාරින් මගින් සීදූව පොලිසිය වෙත භාරදෙන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය නියෝග කළා.

බලන්ගොඩ – මණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරණයෙකු මෙලෙස භාර දීමට කටයුතු කර තිබෙනවා.

මොහු වේදනානාශක අධි මාත්‍රාපෙති 26ක් පානය කර බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

වේදනානාශක පෙති පානය කර මොහු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මොහු වේදනා නාශක පෙති පානය කිරීමට හේතුව සම්බන්ධයෙන් බලන්ගොඩ මුලික රෝහල් පොලිසියේ ස්ථානාධිපති විසින් මොහුගෙන් කට උත්තර ලබා ගෙන තිබෙනවා.

එහිදී මොහු පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු විසි දෙකක් පමණ වෙන බවත් බලන්ගොඩ ඔලුගන්තොට, මණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි බවත් සීදූව ප්‍රදේශයේ රැකියාවක නිරත වෙන බවද පවසා ඇති බව සඳහන්.

මීට දින කිහිපයක පෙර සීදූව ප්‍රදේශයේ කාන්තාවක ඝාතනය කර ඇති බවත් සැකකරු බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරැවෙකු බවට වාර්තා වි තිබුණි බැවින් මොහු සම්බන්ධයෙන් සැක සිතු රෝහල් පොලිසියේ ස්ථානාධිපති මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වෙත දැනුම් දිමක් කර තිබුණා.

එහිදී බලන්ගොඩ පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ සීදූව ප්‍රදේශයේදී එම කාන්තාව ඝාතනය කිරිමට මොහු සම්බන්ධ බවයි.

එම කාන්තාව කලින් විවාහක කාන්තාවක වන අතර මොහු සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමත් සමග සැමියා මෙම කාන්තාවක හැර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.

පසුව මොහු සමග කුලියට ගත් කාමරයක සිදුව ප්‍රදේශයේ පදිංචි වි සිට ඇති අතර මොහු දිවා රාත්‍රි දෙකේම රැකියාව සදහා යන බවද පවසා ඇති බව සඳහන්.

ඝාතනයට සිදු වු දින මොවුන් පදිංචි කමරයේ මුදල් පසුමිබියක් තිබි හමු වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකයක් මතු වි ඇය සමග බහින් බස් විමක් සිදු වි එය දුරදිග ගොස් මෙලෙස බෝතලයකින් ඇණ ඝාතනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇතැයි පොලිසිය පවසනවා.

මොහු අත්අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් සිදුව පොලිස් ස්ථානය වෙතද දැනුම් දිමක් කිරිමට පොලිසිය කටයුතු කළ අතර පසුව මොහු බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර නිළධාරින් මගින් සීදූව පොලිසිය වෙත භාර දෙන ලෙස එහිදී නියෝග කළා.

බලන්ගොඩ පොලිසිය විසින් පරික්ෂණ සිදු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25