පාසල් ක්‍රීඩා උත්සව කල් යයි

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ලිපියක් මඟින් අද (18)දින අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

මේ වනවිට පාසල් පළමු වාරය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව, තරඟ ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් පළමු වාරයේ දෙවන හා තෙවන අදියරේ (පළමු වාරය මැයි 31 තෙක් ක්‍රියාත්මක වන බැවින් අප්‍රේල් 24 දිනෙන් පසුව) පැවැත්වීමට හැකි වන පරිදි කල් දැමීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

සිසුන්ගේ සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට අධාරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32