spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ක්‍රීඩා උත්සව කල් යයි

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ලිපියක් මඟින් අද (18)දින අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

මේ වනවිට පාසල් පළමු වාරය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව, තරඟ ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් පළමු වාරයේ දෙවන හා තෙවන අදියරේ (පළමු වාරය මැයි 31 තෙක් ක්‍රියාත්මක වන බැවින් අප්‍රේල් 24 දිනෙන් පසුව) පැවැත්වීමට හැකි වන පරිදි කල් දැමීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

සිසුන්ගේ සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට අධාරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?