සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, ආබාධයකට ලක්ව සිටින ඩිල්ෂාන් මධුසංක වෙනුවට මහිෂ් තීක්ෂණ මෙම තරගය සඳහා කැඳවා තිබෙනවා.
මෙම තරගය ජයගන්නා කණ්ඩායමට එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.
චැටෝග්‍රෑම් හිදී පැවැත්වෙන මෙම තරගය දිවා තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
3
+1
+1
+1




