මිරිස්ස යුධ පිටියක් කළ කට්ටිය අල්ලයි – දෙන්නෙක් පැනලා (වීඩියෝ)

වැලිගම මිරිස්ස සංචාරක හෝටලය අසළ වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු ඊයේ (16)දින උදෑසන සංචාරක හෝටල් හිමියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

එහිදී එම ප්‍රදේශයේම පදිංචි සංචාරක ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුත්‍රයකු තවත් සංචාරක ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ 38 හැවිරිදි මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැත්තායි.

ඔහු මාකඳුර මධූෂ්ගේ ගෝලයෙකු බව පැවසෙන සන්ෂයින් සුද්දාගේ සමීපතමයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පැවසුවා.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව මේ වන විට කාන්තාවන් තිදෙනෙක් ඇතුලු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අයෙක්.

සැකකාරියන් වයස අවුරුදු 18, 40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55