මෙරට ගැහුණු දරුවන්ගේ බර ගැන බ්‍රිතාන්‍යයේ සඟරාවකින් විශේෂ අනාවරණයක්

අඩු බරැති ගැහැණු දරුවන් වැඩියෙන්ම සිටින ලොව දෙවන රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙය අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්න්‍යයේ ද ලැන්සෙට් සඟරාව ලොව පුරා රටවල් 199 ක මිලියන 220 ක් දරුවන් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයකට අනුවයි.

අදාළ වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු 05 – 19 අතර පාසල් වයසේ පසුවන ගැහැණු දරුවන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් අඩු බරැති දරුවන් හාරලක්ෂ දස දහසක් ( 410,000 ) ක් සිටින බවද මෙමගින් හෙළිව තිබෙනවා.

සමස්ත පාසල් දරුවන්ගෙන් අටලක්ෂ හැටදහසක් ( 860,000 ) ක් අඩු බරින් යුක්ත බවද අදාළ වාර්තාවේ සදහන්.

මෙලෙස අඩු බරැති ගැහැණු දරුවන් වැඩි වශයෙන් සිටින පළාත් ලෙස බස්නාහිර,උතුරු මැද, උතුර, නැගෙනහිර, වයඹ මෙන්ම මධ්යම පළාතේ වතුකරයත් හදුහදුනාගෙන තිබෙනවා.

වර්තමානයේ රජය ක්‍රියාත්මක කර ඇති පෝෂණ වැඩසටහන ප්‍රමාණාත්මක නොමැති බැවින් එය පුළුල් කළ යුතු බවයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52