ජීවිතාන්තය දක්වා හිරේ ගිය අයෙකුට නිදහස හිමිවෙයි

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) දින නියෝග කළා.

කොළඹ ,මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 196.යි මිලි ග්‍රෑම් එකක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි අයෙක්.

මේනකා විජේසුන්දර සහ විකුම් කළුආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2003 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 503 යි මිලි ග්‍රෑම් 2 ක් සන්තකයේ තබා ගෙන සිටියදී පෑලියගොඩ හතරේ කණුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණු අතර එහිදී මත්ද්‍රව්‍ය තුළ අඩංගු ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 196 යි මිලි ග්‍රෑම් එකක් ලෙස රජයේ රස පරීක්ෂකවරයා වාර්තාවක් එවමින් අධිකරණයට සඳහන් කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුට හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කිරීමටයි කටයුතු කළේ.

එම අධි චෝදනා විභාග කළ මහාධිකරණය විතිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

තමන්ව එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම ඇපෑල විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ඉදිරිපත් කළ විත්තිවාචකය, ඔහුගේ බිරිඳ සහ දියණිය ලබා දුන් සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිසි ඇගයීමකට භාජනය කර නොමැති බවයි.

එසේම නඩු විභාගයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශය කාර්යාංශයේ නිල සාක්ෂිකරු ලබාදුන් සාක්ෂිය සැක සහිත බවත් සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔහුට පැනවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම බල රහිත කොට විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සිය තීන්දුවේ සඳහන් කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතීඥ රියන්සී අර්සකුලරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58

?