ජීවිතාන්තය දක්වා හිරේ ගිය අයෙකුට නිදහස හිමිවෙයි

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) දින නියෝග කළා.

කොළඹ ,මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 196.යි මිලි ග්‍රෑම් එකක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි අයෙක්.

මේනකා විජේසුන්දර සහ විකුම් කළුආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2003 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 503 යි මිලි ග්‍රෑම් 2 ක් සන්තකයේ තබා ගෙන සිටියදී පෑලියගොඩ හතරේ කණුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණු අතර එහිදී මත්ද්‍රව්‍ය තුළ අඩංගු ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 196 යි මිලි ග්‍රෑම් එකක් ලෙස රජයේ රස පරීක්ෂකවරයා වාර්තාවක් එවමින් අධිකරණයට සඳහන් කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුට හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කිරීමටයි කටයුතු කළේ.

එම අධි චෝදනා විභාග කළ මහාධිකරණය විතිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

තමන්ව එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම ඇපෑල විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ඉදිරිපත් කළ විත්තිවාචකය, ඔහුගේ බිරිඳ සහ දියණිය ලබා දුන් සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිසි ඇගයීමකට භාජනය කර නොමැති බවයි.

එසේම නඩු විභාගයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශය කාර්යාංශයේ නිල සාක්ෂිකරු ලබාදුන් සාක්ෂිය සැක සහිත බවත් සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔහුට පැනවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම බල රහිත කොට විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සිය තීන්දුවේ සඳහන් කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතීඥ රියන්සී අර්සකුලරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12