මල්වතුහිරිපිටියේ හිමිනමට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුදකී

ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයක දී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

ඒ, අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාමට උත්සාහ කිරීමේ දීයි.

අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවා තිබූ ආයුධ සොයාගැනීම සඳහා සැකකරු රැගෙන ගොස් සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු මියගොස් ඇති බව සඳහන්.

පසුගිය ජනවාරි 23 වනදා මල්වතුහිරිපිටිය – ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හම්බේගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
15
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?