ශ්‍රී ලංකාවේ පළමු විදුලි ත්‍රිරෝද රථ නිපදවන කර්මාන්ත ශාලාව විවෘත වෙයි

වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.

අති නවීන තාක්ෂනය යටතේ ස්වයක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදා ගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වෙයි.

මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කර දීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතුයි.

මේ වන විටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව එක් මසක් තුළ ත්‍රීරෝද රථ සියයක් විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාව තුළ ක්‍රියාත්මක වෙයි.

ඉදිරියේදී මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමඟ මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙලක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
3
+1
22
+1
3
+1
2
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18