කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලේ සමූල ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

කැනඩාවේ ඔටාවා අගනුවර නිවසක් තුළදී ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකික සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය අය අතර එම පවුලේ මව සහ දරුවන් වන අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නම් අයෙක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහුට මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මියගිය පිරිස කැනඩාවට අලුතින් පැමිණි අය වන අතර මියගොස් ඇති කුඩාම දරුවාගේ වයස මාස තුනකට අඩු බව සඳහන්.

මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති බිළිඳා වනවා.

මියගිය හයවැනි පුද්ගලයා 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක් වන අතර ඔහු ද එම නිවසේම පදිංචිව සිටි පවුලේ හිතවතෙකු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ඝාතන සිදුවීම වන අතර එය කැනඩාවේ අගනුවරට සැලකිය යුතු බලපෑමක් ඇති කරන සැබෑ ඛේදවාචකයක් ලෙස හඳුන්වන බවයි ඔටාවා නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු මෙම ඝාතනය හඳුන්වා දී ඇත්තේ නගර ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩත්වයේ සිදුවීමක් ලෙසින්.

ඝාතනයට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

image 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
51
+1
5
+1
5
+1
265
+1
24
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49