AFC Banner
Empty Ad
Empty Ad

හයිටි රාජ්‍යයේ පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

හයිටි රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කල්ලි කඩා වැදි සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කර ගැනීමත් සමඟ පැය 72 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ප්‍රධාන බන්ධනාගාරයේ හි සිරකරුවන් 4000ක් පමණ රදවා සිටියා. සන්නද්ධ කල්ලි කඩා වැදීමත් සමග ඉන් 3700ක් මේ වන විට පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 2021 දී එරට ජනාධිපති මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු කල්ලි සාමාජිකයන් යළි අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

හයිටියේ ප්‍රධාන බන්ධනාගාරයේ දොරවල් තවමත් විවෘතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකා කලාපයේ දුප්පත්තම රට වන හයිටියේ අගමැති බලයෙන් පහ කිරිමේ අරමුණෙන් එක්ව සිටින කල්ලි අගනුවරින් 80%ක්ම පාලනය කරනවා.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු මිය ගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

2022 ජනාධිපති මොයිස්ගේ ඝාතනයෙන් පසු ජනාධිපතිවරයෙකු තවමත් පත්කර නොමැති අතර 2016 සිට එරට මැතිවරණයක් ද පවත්වා නැහැ.

ජගත් සංවිධානය පවසන්නේ පසුගිය වසරේ හයිටියේ කල්ලි ප්‍රචන්ඩත්වයට පුද්ගලයින් 8400කට වැඩි පිරිසක් ගොදුරු වි ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12

?