හයිටි රාජ්‍යයේ පැය 72ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

හයිටි රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කල්ලි කඩා වැදි සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කර ගැනීමත් සමඟ පැය 72 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ප්‍රධාන බන්ධනාගාරයේ හි සිරකරුවන් 4000ක් පමණ රදවා සිටියා. සන්නද්ධ කල්ලි කඩා වැදීමත් සමග ඉන් 3700ක් මේ වන විට පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 2021 දී එරට ජනාධිපති මොයිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු කල්ලි සාමාජිකයන් යළි අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

හයිටියේ ප්‍රධාන බන්ධනාගාරයේ දොරවල් තවමත් විවෘතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකා කලාපයේ දුප්පත්තම රට වන හයිටියේ අගමැති බලයෙන් පහ කිරිමේ අරමුණෙන් එක්ව සිටින කල්ලි අගනුවරින් 80%ක්ම පාලනය කරනවා.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු මිය ගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

2022 ජනාධිපති මොයිස්ගේ ඝාතනයෙන් පසු ජනාධිපතිවරයෙකු තවමත් පත්කර නොමැති අතර 2016 සිට එරට මැතිවරණයක් ද පවත්වා නැහැ.

ජගත් සංවිධානය පවසන්නේ පසුගිය වසරේ හයිටියේ කල්ලි ප්‍රචන්ඩත්වයට පුද්ගලයින් 8400කට වැඩි පිරිසක් ගොදුරු වි ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29