ස්මාර්ට් වොච් තාක්ෂණය නිසා පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරෙයි

ස්මාර්ට් වොච් (Smart Watch) තාක්ෂණය හේතුවෙන් පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

බෲස් නම් පුද්ගලයෙකු තම පැපැදියෙන් ගමන් කරමින් සිටියදී ඇද වැටී අනතුරකට ලක්ව සිටි අවස්ථාවකදීයි එය පිහිටට පැමිණ ඇත්තේ.

ඔහු එම අවස්ථාවේ පැළඳ සිටි Smart ඔරලෝසුවේ නව තාක්ෂණය ඔස්සේ තම බිරිඳට ඒ බව කෙටි පණිවුඩයකින් දන්වා තිබෙන අතර ඇය වහාම එම ස්ථානයට ගිලන් රථයක් ගෙන්වා රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමගින් සිදුවීමට ගිය බරපතල හානියක් වළක්වා ගැනීමට හැකිවීම හමුවේ Smart Watch තාක්ෂණයේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

මීට අමතරව බෲස්ගේ කතාව Apple සමාගම විසින් නව සෞඛ්‍ය සහ ආරක්ෂණ ව්‍යාපාරයක කොටසක් ලෙස ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

ඇස්තමේන්තුගත කර ඇති පරිදි සෑම ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් සතුව Smart Watch පවතින බව සඳහන්.

කෙසේ වෙතත් සෑම ස්මාර්ට් ඔරලෝසුවක් සඳහාම හදිසි අවස්ථාවලදී පණිවුඩ යැවීමේ පහසුකම නොමැති අතර Apple Watch සීරිස් 9හි නව තාක්ෂණය සමග මෙම පහසුම පුලුල් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22