කිලිනොච්චියේ ප්‍රදේශ රැසක ගව වසූරිය පැතිර යයි

කිලිනොච්චියේ ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයන් අතර යළිත් වරක් ගව වසූරිය රෝගය ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබෙනවා.

ගව වසූරිය රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින ගවයන් එන්නත්කරණයට ලක් කරගෙන යන බවයි කිලිනොච්චිය කණ්ඩාවලෙයි පශු වෛද්‍ය නිලධාරි එස්. නිරංජන් මහතා පැවැසුවේ

ගව වසූරිය වැලඳීමට පෙර ගවයන් ආහාර ගැනීම නවතා දමන අතර සිටිනා තැනින් ඉවත් වීමට කැමැත්තක් නොදක්වන බවත් අනතුරුව ගවයන්ගේ සිරුර පුරා බිබිළි හට ගන්නා අතර දැඩි උණ තත්ත්වයක් දක්නට ලැබෙන බවද නිරංජන් මහතා සිටියා.

පසුගිය වසරේ මේ පළාත්වල ගවයන්ට වැලඳුණු ගව වසූරිය රෝගය හේතුවෙන් ගවයන් 400කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්විය.