දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු ජාඇල දී අත්අඩංගුවට

දුම්වැටි තොගයක් අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ, මෙහෙයුමට සමගාමීව ඊයේ දිනයේදී ජාඇල පොලිස් වසමේ කොහු මෝල හංදියේ දී අදාළ වැටලීම සිදුකල බවයි 

මෙහිදී මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 800 ක් සමග ඒකල, ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා .

අදාළ සිදුවීම පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ජාඇල පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !