භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ගෙදර යයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සන්ජේ පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (29) දින භාරදුන් බවයි වාර්තා වන්නේ.

හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඔහුව සභාපති ධුරයට පත් කළ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන්පසුව පරිසර අමාත්‍ය ධුරය තමන් යටතට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට නව සභාපතිවරයෙකු පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ආචාර්ය සන්ජේ පෙරේරා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?