සිව් දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබි (29) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.
ඉහල කොත්මලේ ජලාශයේ තිබි මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි අයගේ සිරුරයි.
මිට දින කිහිපයකට ප්‍රථම ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලා ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නැමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්වු අතර එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා බිරිද විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කල බව මියගිය තරුණයාගේ පියා පැවසීය.
ගොඩ ගත් සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යෙමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.













