AFC Banner
Empty Ad
Empty Ad

ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක දරුණු ගින්නක්

ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම ගින්නෙන් ගිනි නිවන භටයින් හය දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හටගත් මහල් නිවාස සංකීර්ණය නිවස 138කින් සමන්විත වන අතර, එහි නිවැසියන් 450ක් වාසය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ගින්න ආරම්භ වී කෙටි කාලයකට පසු එය ගොඩනැඟිල්ල පුරාවටම සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය ගින්න පැතිරීමට හේතු වී ඇති බවයි ස්පාඤ්ඤ බලධාරීන් සැකපළ කරන්නේ.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?