ඔස්ට්‍රේලියානු රදගුරු ක්‍රිස්ටෝපර් සෝන්ඩර්ස්ට ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ චෝදනා

ඔස්ට්‍රේලියානු රදගුරු ක්‍රිස්ටෝපර් සෝන්ඩර්ස්ට ළමා අපචාර ද ඇතුලුව ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

74 හැවිරිදි රදගුරුවරයා බටහිර ඔස්ට්‍රේලියානු නගරයක් වන බෘම් හිදී ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිසිය සහ අති උතුම් පාප් වහන්සේගේ උපදෙස් මත කරන ලද විමර්ශනවලින් අනතුරුවයි.

චෝදනා ප්‍රතික්ෂේප කළ සෝන්ඩර්ස්ට ඇප ලබාදී නොමැති අතර චෝදනා 19ක් යටතේ ඔහු අද (22) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

රදගුරුවරයාට එල්ල වී ඇති චෝදනා අතර ස්ත්‍රී දූෂණ දෙකක්, පහරදීම් 14ක් සහ ඔහුගේ භාරයේ සිටින දරුවෙකු සමඟ අශෝභන ලෙස කටයුතු කිරීමේ චෝදනා තුනක් ඇතුළත්.

1976 දී ප්‍රථම වරට පුජකවරයෙකු වූ සෝන්ඩර්ස් සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ කිම්බර්ලි ප්‍රදේශයේ වන අතර 1996 දී බෲම් හි බිෂොප්වරයා ලෙස පත් කරනු ලැබුවා.

දේවස්ථානයට පැමිණෙන ආදිවාසී පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ද අගරදගුරුවරයා මීට පෙර පරීක්ෂණවලට මුහුණ දී තිබෙනවා.

මෙම චෝදනා ප්‍රථම වරට 2020 වසරේ දී ආරම්භ වුව ද මූලික පොලිස් විමර්ශනය කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බවටයි චෝදනා පවතින්නේ.

කෙසේ වෙතත්, පාප් වහන්සේගේ නියෝග අනුව සිදු කළ පරීක්ෂණයකින් පසුව එහි පිටු 200 ක වාර්තාව පසුගිය වසරේ මාධ්‍ය වෙත අනාවරණ වීමෙන් අනතුරුව පොලිසිය නව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55