බොරැල්ලේ වෙඩි තැබීමක් (වීඩියෝ)

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අසල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (19) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පෞද්ගලික මහල් නිවසයේ දී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා පාතාල කල්ලි නායකයෙකු ලෙස ලේඛන ගතව ඇති අමල් බිම්සර නැමැති පුද්ගල⁣යාට මෙලෙස වෙඩිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු 38 හැවිරිදි වියේ පසුවන කොළඹ 14, නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මීට දින කිහිපයකට ඉහත දී ඔහු මහල් නිවාස සංකීර්ණයේ තාවකාලික පදිංචිය සඳහා පැමිණ තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27