සුප්‍රකට ජෛන දේශක ආචාර්‍ය විද්‍යාසාගර් මහාරාජ් අභාවප්‍රාප්ත වෙයි

සුප්‍රකට ජෛන දේශකයෙකු වන ආචාර්‍ය විද්‍යාසාගර් මහාරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චාතිස්ගාර් ප්‍රාන්තයේ රාජ්නන්ද්ගෝන් දිස්ත්‍රික්කයේ ඩොංගර්ගාර්හි චන්ද්‍රගිරි තීර්ත්හිදී අද (18) අලුයම 2:35ට ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජෛන ආගමික පිළිවෙතක් වන ‘සල්ලෙක්නා’ හෙවත් අධ්‍යාත්මික පවිත්‍රතාවය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මරණය දක්වා නිරාහාරව සිටීම තුළින් ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මහාරාජ් පසුගිය දින තුන තුළ ස්වේච්ඡාවෙන් මාරාන්තික උපවාසයේ යෙදෙන මෙම ආගමික පිළිවෙත සපුරමින් ආහාර ගැනීමෙන් ඉවත්ව තිබෙනවා.

ආචාර්‍ය විද්‍යාසාගර් මහාරාජ්ගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝක පණිවිඩයක් නිකතු කරමින් සඳහන් කළේ මහාරාජ්ගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.

මිනිසුන් අතර අධ්‍යාත්මික පිබිදීම සඳහා ඔහු දැරූ වටිනා උත්සාහයන් සැමදා මතකයේ රැඳෙනු ඇති බවත්, පසුගිය වසරේ ඔහු චත්තිස්ගාර්හි චන්ද්‍රගිරි ජෛන විහාරස්ථානයේ දී තමා හමුවීම අමතක කළ නොහැකි මතකයක් බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරටා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතරට අභාවප්‍රාප්ත ආචාර්‍ය විද්‍යාසාගර් මහාරාජ්ගේ අවසන් කටයුතු චන්ද්‍රගිරි තීර්ථයේ දී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03