මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පා.ම. ගුණතිලක රාජපක්ෂ හදිසියේ අසනීප වෙයි

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර හදිසියේ රෝගාතුර වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා.

රැස්වීම අවසාන භාගයේ දී මන්ත්‍රීවරයා මෙලෙස හදිසි රෝගී තත්ත්වයකට පත්ව වහාම මහනුවර පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) දිනයේ පැවති සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් නොකර මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිඉර්මට සිදු වූ බවයි මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම් අනුර මඩලුස්ස සඳහන් කළේ.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර, ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණදීමට ඇති බැවින් තවදුරටත් ඔහු එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39