ජයිකා සභාපති සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම මෙහි දී ආචාර්ය ටනකා අකිහිකෝගේ ඇගයීමට ලක් වුණා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ආචාර්ය අකිහිකෝ මෙහි දී වැඩිදුරටත් සඳහන්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27