වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටෙයි – දෙදෙනෙකු රෝහලේ

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ, වැලිගම කප්පරතොට ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වූ පුද්ගලයන් දස දෙනෙකු රැගත් වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව වැලිගම පොලිසිය පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ සිට මිරිස්ස ප්‍රදේශයට පුද්ගලයන් දස දෙනෙකු රැගත් වෑන් රථය ගමන් කොට තිබෙන අතර එහි දී ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ පිහිටි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය අසල දී මාර්ගයේ පිහිටි මෙම මාර ගසක අත්ත කඩා වැටී තිබෙනවා.

එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයක් මගින් රෝහල්ගත කළ බව සදහන්.

අද (13) පස්වරුවේ දී එකවරම ඇතිවූ වර්ෂාපතනය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සමග පැයකට ආසන්න කාලයක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර එහි දී වැලිගම පොලිසිය මගින් පරණ ගාලු පාර ඔස්සේ රථවාහන ගමනාගමයට කටයුතු සිදු කළා.

අනතුරුව වැලිගම නගර සභාවේ සේවකයන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් එක්ව කඩිනමින් කඩා වැටුණු අතු ඉවත්කොට මාර්ගයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37