spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටෙයි – දෙදෙනෙකු රෝහලේ

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ, වැලිගම කප්පරතොට ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වූ පුද්ගලයන් දස දෙනෙකු රැගත් වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව වැලිගම පොලිසිය පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ සිට මිරිස්ස ප්‍රදේශයට පුද්ගලයන් දස දෙනෙකු රැගත් වෑන් රථය ගමන් කොට තිබෙන අතර එහි දී ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ පිහිටි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය අසල දී මාර්ගයේ පිහිටි මෙම මාර ගසක අත්ත කඩා වැටී තිබෙනවා.

එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයක් මගින් රෝහල්ගත කළ බව සදහන්.

අද (13) පස්වරුවේ දී එකවරම ඇතිවූ වර්ෂාපතනය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සමග පැයකට ආසන්න කාලයක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර එහි දී වැලිගම පොලිසිය මගින් පරණ ගාලු පාර ඔස්සේ රථවාහන ගමනාගමයට කටයුතු සිදු කළා.

අනතුරුව වැලිගම නගර සභාවේ සේවකයන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් එක්ව කඩිනමින් කඩා වැටුණු අතු ඉවත්කොට මාර්ගයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?