අටළුගම දැරිය ඝාතනයේ සැකකරුට බරපතල වැඩ සහිතව සිර දඩුවම්

මීට වසර දෙකහමාරකට පෙර නව හැවිරිදි දැරියක් පානදුර අටළුගම ප්‍රදේශයේ දී කුඹුරුයායක මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාව ඇතුළු චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා අද (13) දින බරපතල වැඩසහිත වසර 27ක සිර දඩුවමක් නියම කළා.

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවට හා එම දැරියව ඇගේ මවගෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවට එකී සිරදඩුවම් නියම කළ විනිසුරුවරයා මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙසට ද ෆාරුක් මොහොමඩ් ගනේසනාදන් හෙවත් පල්ලිකුට්ටි නැමති විත්තිකරුට නියෝග කර සිටියා.

එකී වන්දිය නොගෙවන්නේනම් වසර හය හමාරක ලිහිල් සිර දඩුවම් ලබා දීමට ද විනිසුරුවරයා නියෝග කළා.

එම දැරියව 2022 මැයි මස 27 වනදා ඇගේ නිවස ආසන්නයේ කඩමණ්ඩියේ පිහිටි කඩයකට ගෙන ගොස් එන අතරතුර දුෂණය කිරීමේ අරමුණින් ඇයව රවටා අවට පිහිටි ලදු කැලෑවකට ගෙන ගොස් දුෂණය කිරීමට උත්සාහ කර ඇතත් ඇයගේ කැගැසීම නිසා බියට පත් විත්තිකරු මඩ වගුරුවක ඔබා ඝාතනය කර ඇති බවත් ඇය දුෂණයට ලක් වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

බණ්ඩාරවෙල පොලිසිය හා පානදුර කොට්ඨාස දුෂණ විමර්ශන අංශය සිදුකළ විමර්ශන අනුව නීතිපතිවරයා විසින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ එම විත්තිකරුට එරෙහිව පානදුර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබුණා.

එම විත්තිකරු එම දැරියගේ පියාගේ මිතුරෙකු බවත් එම නිවසට නිතර යන එන අයෙකු වන බැවින් එම දැරිය කිසිදු චකිතයකින් තොරව ඔහු සමඟ ගොස් ඇති බවත් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16