එලායන්ස් ෆිනෑන්ස් තවත් පිම්මක් පනී – විදේශ මුදල් ප්‍රේෂණ සේවාව අරඹයි

එලායන්ස් ෆිනෑන්ස් සමාගම තම මූල්‍ය සේවා තවදුරටත් වර්ධනය කරගනිමින් AFC නමින්, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවක් අද (12) දිනයේ සිට ආරම්භ කර තිබෙනවා.

එහිදී, දිවයින පුරා පිහිටි සියලුම AFC ශාඛාවන්ගෙන් Western Union” Money Gram සහ Ria යන සන්නාමයන් ඔස්සේ පාරිභෝගිකයින් හට විදේශ මුදල් ප්‍රේෂණ සේවාව ලබාගත හැකියි.

පසුගිය දා රාජගිරියේ පිහිටි එලායන්ස් ෆිනෑන්ස් ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වූ අතර, මෙම උත්සවය සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය සභාපති, රොමානි ද සිල්වා මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක කුසල් ජයවර්ධන මහතා, ප්‍රධාන වාණිජ නිලධාරී, අජන්ත කුමාර මහතා ඇතුලු කළමණාකාරිත්වය සහභාගි වුණා.

එමෙන්ම Western Union” Money Gram සහ Ria යන සන්නාමයන් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය වන MMBL Money Transfer (Pvt) Ltd ආයතනය නියෝජනය කරමින් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයද ඊට එක්ව සිටියා.

එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සහ MMBL සමාගම ගිවිසුම් ගත වීමද මෙහිදී සිදුවූ අතර, ඊට සමගාමීව ගණුදෙනුකරුවන් දෙදෙනෙක් AFC රෙමිටන්ස් වෙතින් ප්‍රථම ප්‍රේෂණ සේවාව ලබාගත්තා.

අනතුරුව උත්සවය ඇමතූ රොමානි ද සිල්වා මහතා කියාසිටියේ, AFC රෙමිටන්ස් යනු හුදෙක් ගණුදෙනුවක් පමණක් නොව, එය ගණුදෙනුවකට අභිබවා ගිය සෙනෙහසින් පිරි සේවාවක් බවයි.

එමෙන්ම, එලායන්ස් ෆිනෑන්ස් ආයතනය හුදෙක් ලාභය පමණක් නොව තිරසාර පාරිසරික දැක්මක් සමඟින් ගණුදෙනුකරුවන්ට ඉහල ප්‍රතිලාභ ලබා දෙන ආයතනයක් බවත් ප්‍රකාශ කළා.

එලායන්ස් ෆිනෑන්ස් හරහා ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අගය එකතු කිරීමක් ලෙස, අධ්‍යාපනය, නිවාස වැඩිදියුණු කිරීම සහ ස්වයං රැකියා සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

1956 දී සංස්ථාපිත එලායන්ස් ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන අතර, එම සමාගම තිරසාර සංවර්ධනය වෙනුවෙන් නව මූල්‍ය විසඳුම් ලබා දීමට කැප වී සිටිනවා.

පාරිසරික හා සාමාජීය වගකීම් වෙනුවෙන් කැප වීමෙන්, එලායන්ස් ෆිනෑන්ස් සමාගම අරමුණු කරන්නේ ජනතාව සවි බල ගැන්වීම සහ සිය සදාචාරාත්මක හා තිරසාර භාවිතයන් මඟින් ආර්ථික වර්ධනය පෝෂණය කිරීමයි.

වාහන ලීසිං, ස්ථාවර තැන්පතු, සාමාන්‍ය සහ ළමා ඉතුරුම් ගිණුම්, රන් ණය, කෘෂිකාර්මික හා කිරි ගොවි ණය, සූර්ය බලශක්ති පද්ධති ණය සහ රන් ආයෝජන වැනි සුවිශේෂී හා පුළුල් නිෂ්පාදන කලඹකින් සමන්විත එලායන්ස් ෆිනෑන්ස් සමාගම සියලුම ශාඛා හරහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය නිෂ්පාදන සහ සේවා සපයනු ලබනවා.

එලායන්ස් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරමින්, ඒ ආශ්‍රිත විවිධ ව්‍යාපෘති යටතේ රට පුරා ගස් 700,000කට අධික ප්‍රමාණයක් සිටුවා ඇති අතර, එම සමාගම හරහා කල්බදු දී ඇති වාහන මගින් විමෝචනය වන කාබන් නිෂේධනය කිරීමට මෙය ධනාත්මක ලෙස දායක වීම විශේෂත්වයක්.

ජර්මනියේ, තිරසාර සංවර්ධනය සඳහා යුරෝපීය සංවිධානය (EOSD) විසින් පිරිනමනු ලබන ගෝලීය වශයෙන් පිළිගත් තිරසාර ප්‍රමිති සහ සහතික කිරීමේ ක්‍රමවේද අනුගමනය කරමින්, තිරසාර සහතික ලත් ආයතනයක් ලෙස කීර්තියක් දිනා සිටින දකුණු ආසියාවේ ප්‍රථම මූල්‍ය ආයතනය වන්නේ ද එලායන්ස් ෆිනෑන්ස් සමාගමයි.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52