ත්‍රිකෝණමඩු රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි පෙත්සමක් විභාගයට අවසර

ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර කලාපය එළිපෙහෙළි කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (12) දින විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාදීකරණය එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 07 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීමට අනුමැතිය දීම තුළින් එම ප්‍රදේශයේ විශාල වන සංහාරයක් සිදුවන බවයි.

මේ නිසා වටිනා ගස් වැල් විනාශ වී බරපතළ පාරිසරික අර්බුදයක් උද්ගතවන බවත් අලිමංකඩවල් වැනසී ගොස් අලි මිනිස් ගැටුම් උග්‍ර වීමට මෙම තත්ත්වය හේතුවන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

එබැවින් අදාළ රක්ෂිත වනාන්තර කලාපයේ සිදු කරන කැලෑ කැපීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?