ත්‍රිකෝණමඩු රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි පෙත්සමක් විභාගයට අවසර

ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර කලාපය එළිපෙහෙළි කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (12) දින විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාදීකරණය එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 07 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ත්‍රිකෝණමඩු රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීමට අනුමැතිය දීම තුළින් එම ප්‍රදේශයේ විශාල වන සංහාරයක් සිදුවන බවයි.

මේ නිසා වටිනා ගස් වැල් විනාශ වී බරපතළ පාරිසරික අර්බුදයක් උද්ගතවන බවත් අලිමංකඩවල් වැනසී ගොස් අලි මිනිස් ගැටුම් උග්‍ර වීමට මෙම තත්ත්වය හේතුවන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

එබැවින් අදාළ රක්ෂිත වනාන්තර කලාපයේ සිදු කරන කැලෑ කැපීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27