ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බම්බලපිටිය හින්දු විද්‍යාලය අසල දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ලංගම බස් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටීමෙන් අද (11) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මාර්ගය අයිනේ නවතා තිබූ කුඩා ලොරි රථයක් එක්වරම මාර්ගයට ඇතුල්කර ඇති අතර, එම අවස්ථාවේ දී සිදුවන්නට ගිය අනතුරක් වළක්වා ගැනීමට බස් රථයක් එක්වරම තිරිංග යොදා තිබෙනවා.
එම අවස්ථාවේ දී අදාළ බස් රථයට පසුපසින් පැමිණි තවත් බස් රථයක් තිරිංග යොදා නවත්වා ගත් බස් රථයේ පසුපස ගැටී මෙම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.













