2023 වසරේ සැප්තැම්බර් සිට මේ දක්වා නියමිත ප්‍රසම්පාදන කටයුතු යටතේ මෙරටට ගෙන්වන ලද ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක් නියමිත ප්‍රමිතියෙන් තොරව වරාය සහ ගුවන් තොටුපොළ ගබඩා පර්යන්ත්‍යන් හි රැඳවාගෙන ඇති බව වාර්තා වනවා.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අණාවරණ කළේ නියමිත පරිදි පවත්වාගෙන යා යුතු ශීතදාමයන් සහිත උෂ්ණත්වයේ පවත්වාගෙන ගොස් නැති බවයි.
වෛද්‍ය සැපයුම් ඒකකය මඟින් ඖෂධ තොග නිසි වේලාවට භාරනොගැනීම නිසා එම ඖෂධ තොග කන්ටේනර් පර්යන්ත තුළ දැඩි උෂ්ණත්වයට නිරාවරණය වෙමින් පවතින බවට වාර්තා වනවා.
මේ හේතුවෙන් එම කන්ටේනර් තුළ පවතින එන්නත්වල ගුණාත්මකභාවය විනාශ වී යාමේ අවධානමක් මතුව ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අණවරණ කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි එම වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කරන්‍නේ.













