දොරින් දොර ක්‍රමවේදය යටතේ බෙදාහරින භාණ්ඩ ආනයනය යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ දොරින් දොර ක්‍රමවේදය යටතේ බෙදාහරින භාණ්ඩ ආනයනය යළි අරඹන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

තාවකාලිකව අත්හිටුවා තිබූ දොරින් දොර බෙදා හැරීමේ ක්‍රමවේදය (Door to door delivery) යටතේ භාණ්ඩ ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

2023 වසරේ දෙසැම්බර් මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කළ භාණ්ඩ මුදා හැරීම අත්හිටුවා තිබිණි.

ඒ ආනයනික භාණ්ඩවල ආරක්ෂාව, හිමිකරුවන් හඳුනා ගැනීමේ අපහසුතාව සහ නීති විරෝධී භාණ්ඩ බහුල ලෙස ආනයනය ඇතුළු කරුණු සැලකිල්ල ගනිමින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් වෙත විශාල සේවයක් සපයන මෙම සේවාව වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56