තාවකාලිකව අත්හිටුවා තිබූ දොරින් දොර ක්‍රමවේදය යටතේ බෙදාහරින භාණ්ඩ ආනයනය යළි අරඹන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
තාවකාලිකව අත්හිටුවා තිබූ දොරින් දොර බෙදා හැරීමේ ක්‍රමවේදය (Door to door delivery) යටතේ භාණ්ඩ ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
2023 වසරේ දෙසැම්බර් මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කළ භාණ්ඩ මුදා හැරීම අත්හිටුවා තිබිණි.
ඒ ආනයනික භාණ්ඩවල ආරක්ෂාව, හිමිකරුවන් හඳුනා ගැනීමේ අපහසුතාව සහ නීති විරෝධී භාණ්ඩ බහුල ලෙස ආනයනය ඇතුළු කරුණු සැලකිල්ල ගනිමින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් වෙත විශාල සේවයක් සපයන මෙම සේවාව වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.




