සැක කටයුතු වෑන් රථයක් හේතුවෙන් බණ්ඩාරවෙල උණුසුම් වෙයි

අද දහවල් (31)සැක කටයුතු වෑන් රථයක් හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ප්‍රදේශයට යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා තිබූ අතර, පසුව අනාවරණ වී තිබෙන්නේ පෙම් යුවළක් පලා ආ වෑන් රථයක් එලෙස අතහැර දමා තිබූ බවයි. බණ්ඩාරවෙල නගරයේ පුෂ්පාරාම විහාරස්ථානය ඉදිරිපිට සැක කටයුතු ලෙස මෙලෙස වෑන් රථයක් අතහැරදමා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසින් දැක තිබෙනවා.

වාහනය කිසියම් ආකාරයේ පහරදීමකට ලක්ව තිබූ අතර, ඒ තුළ සැක කටයුතු භාණ්ඩ කිහිපයක් ද තිබෙන අයුරු එය නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැකි වී තිබෙනවා. පොලිසිය කටයුතු යොදා තිබුණේ බුද්ධි අංශයේ සහයෝගය මෙන්ම දියතලාව යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ද සහය පරීක්‍ෂණ සඳහා ලබා ගැනීමටයි. සිදුකළ මෙහෙයුමකදී වෑන් රථයේ හිමිකරුවන් වූ පෙම්වතුන් යුවළක් ඇතුළු සිව්දෙනෙක් බණ්ඩාරවෙල හෝටලයක සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී තිබෙන්නේ අකුරණ ප්‍රදේශයේ පෙම්යුවළක්. ඥාතීන්ගෙන් එල්ල වූ විරෝධතා මැද නිවෙස්වලට රහසින් පළාවිත් ඇති බවයි. සහයට තවත් පෙම් යුවළක් ඔවුන් හා මේ වාහනයේ ගමන් කර ඇති අතර, දිගන නගරයේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ දැඩි පහරකෑමකට ඔවුන් ලක්ව තිබෙනවා. පහරකෑමට ලක් වු සිව්දෙනා බණ්ඩාරවෙලට පලාවිත් ඊයේ රාත්‍රියේ මෙම රථය මෙලෙස පුෂ්පාරාම විහාරස්ථානය අසල අතහැර දමා තිබියදී මෙලෙස ප්‍රදේශවාසින්ට හමුවී තිබෙන්නේ. කෙසේ වෙතත් අදාළ පෙම් යුවලට නිරපද්‍රිතව පිටව යාමට පොලිසිය අවස්ථාව සලසා දුන්නා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10