රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුවේ නිවසට (වීඩියෝ)

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දේහය අද දහවල් නිවෙස බලා රැගෙන ඒම ආරම්භ කළ අතර ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා මඟ දෙපස විශාල ජනතාවක් රැස්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම දේහයට අවසන් ගෞරව දැක්වීමට රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස වෙත ද මේ වනවිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව සඳහන්.

දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අවස්ථාවේ ඊට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු මැති ඇමතිවරු විශාල පිරිසක් පැමිණ තිබුණා.

අද පෙරවරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට නියමිතයි.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඊයේ (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

ඒ ඔවුන් ගමන් ගත් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන්.

රථයේ ගමන්ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගිය අතර ජීප් රථයේ රියදුරු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියයන විට 48 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් ජිප් රථය පැදවූ රියදුරා හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඇමතිවරයා ඇතුලු පිරිස හැකි ඉක්මනින් කොළඹට පැමිණීමට උත්සාහ කරමින් සිටි අතර එම අවස්ථාවේදී සනත් නිශාන්ත මෝටර් රථයේ නිදා සිට ඇති බවයි රියදුරු හෙළි කර ඇත්තේ.

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනතුර පිළිබඳ මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝ මීටර් 160ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති සඳහන්.

අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හිසට සහ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10