විදුලි සේවකයන්ගේ ණයවල පොලිය ගෙවන්නේ ජනතාවගේ විදුලි බිලෙන් බව හෙළිවෙයි (වීඩියෝ)

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම්වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ සඳහා වන පොලියෙන් 2/3ක් විදුලිබල මණ්ඩල විසින්ම ගෙවීම සිදු කරන බවටයි විදුලිබල මණ්ඩලයේ විදුලිබල මන්ඩලයේ මූල්‍ය අංශය අමාත්‍යවරයා වෙත තොරතුරු ලබාදී ඇත්තේ.

විදුලිබල මණ්ඩලය තම සේවකයන්ගේ ණය පොලී වෙනුවෙන් ගෙවන මුදල් අයවන්නේ ද මහජනතාවගේ විදුලි බිලෙන් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ලෙස මීට සති දෙකකට පෙර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඊට අදාළව විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අංශය යොමුකරන ලද තොරතුරු අනුව අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම්වල පොලී ගෙවා දැමීම සදහා වන මුදල් මහජනතාවගේ විදුලි බිලෙන් අයකරගැනීම නවතා දමා, ණය හිමියන්ගෙන් ඒවා අයකරගැනීමට ක්‍රමවේදයක් සකස්කරන ලෙසටයි අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකරගනිමින් වියදම් අඩු කිරීම සදහා බාහිර පාර්ශව වෙත ලබාදීමට හැකි සේවාවන් සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙසද දැනුම්දී තිබෙනවා.

Electricity Board1
Electricity Board2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48