විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක් (වීඩියෝ)

ලබන 23 සහ 24 දෙදින විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන්නැයි ඉල්ලා විපක්ෂ නායකවරයා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ යම් හෙයකින් මෙය පනතක් ලෙසට ක්‍රියාත්මක වුවහොත් එමගින් ස්ථාපිත කරනු ලබන කොමිෂන් සභාවට සහ අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත ලැබෙන්නා වූ අත්තනෝමතික සහ ඒකාධිපති බලතල මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම ද ඇතුලු මූලික අයිතිවාසිකම් බරපතල ලෙසට කඩවිය හැකි බවයි.

රටේ ආර්ථිකයට ද එමගින් දැඩි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව විපක්ෂ නායකවරයා සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.

එම පනත මගින් සමාජ ජාලයන්හි සැබෑ ලෙසම වින්දිතයන් වූවන් ආරක්ෂා කිරීම වෙනුවට සිදුවිය හැක්කේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් එහි අන්තර්ගත ප්‍රතිපාදන අවභාවිත කිරීම බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පූර්ණ සංවාදයකින් තොරව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කළ හොත් එමගින් රටේ ආර්ථිකයට ජනතාවට හා පොදුවේ රටට ද ඇතිවිය හැකි බලපෑම සම්බන්ධ පූර්ණ වගකීම එය සම්මත කර ගැනීමට සහාය දක්වන සියලුම පාර්ශවයන්ට දැරීමට සිදුවනු ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

මේ අතර තම රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම සංශෝධනය කිරීමට බලාපොරොත්තුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දී තිබෙනවා.

ඒ මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමග පැවැති හමුවකදී.

මෙරට සංචාරයක නිරත ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිස ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා. මෙම හමුව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යැයි පවසමින් ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති බව එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ජනතාව අසරණ වී ඇති බව විපක්ෂ නායක මෙහි දී පෙන්වා දී ඇත්තේ සාක්ෂි, සාධක සහ දත්ත සහිතවයි.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවඔහු සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවයි විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ.

WhatsApp Image 2024 01 19 at 20.37.02
WhatsApp Image 2024 01 19 at 20.37.10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56