චීන තානාපති කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා. මෙම හමුවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ගරු ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවති සාකච්ඡාවේදී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළා. තවද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී සඳහන් කළේ.

මෙයට අමතරව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01