වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කාමරය වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

මහනුවර ජාතික රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහායකවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර මුලස්ථාන පොලිසිය මගින් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි නියෝගය නිකුත් කෙරුණේ.

මහනුවර ජාතික රෝහලේ උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්‍ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම රූගත කිරීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනයෙන් පසු හෙළිවී තිබෙනවා.

මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයා ද උගුර, කණ, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව සඳහන්.

පසුගිය 12 වනදා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතා සූක්ෂම ලෙස රඳවා තබා ඇති මෙම ජංගම දුරකථනය දැක ඒ පිළිබඳව අනෙකුත් වෛද්‍යවරුන් ද දැනුවත් කර මහනුවර මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර එම දුරකථනය භාරදී තිබුණා.

මෙම දුරකථනයේ වීඩියෝ පරික්ෂා කළ පොලිස් නිලධාරීන්ට අනාවරණ වී ඇත්තේ එය භාවිතා කර දීර්ඝ කාලයක සිට වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන ආකාරය රහසිගතව රූගත කර ඇති බවයි.

විමර්ශනයකින් අනතුරුව දුරකථනය හිමිකරු වූ සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31